ආසාදිතයින් ගණන 1028 දක්වා ඉහළට

මැයි 21, 2020

    මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1028 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ ඊයේ (20) රාත්‍රී 10.15 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වීමත් සමඟයි.

    එම ආසාදිතයා කුවේට්හි සිට මෙරටට පැමිණි අයෙක් බව වාර්තා වෙයි. පෙරේදා දිනය තුළ පමණක් කුවේට් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකීකයින් 500 කට අධික ප්‍රමාණයක් දිවයිනට පැමිණි ඇත.

    මේවන විට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් ගණන 584 කි.

    මේ අතර රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 435 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. ආසාතයින්ගෙන් 585 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර ඔවුන්ගෙන් 221 දෙනෙක් ද මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.

    Latest News