ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම අද

මැයි 19, 2020

    රට වෙනුවෙන් දිවි පිදූ විරෝධාර රණවිරුවන් සැමරීම වෙනුවෙන් සංවිධානය කෙරෙන 11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) පැවැත්විමට නියමිතව තිබේ.

    බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී අද පස්වරු 04.00ට ආරම්භ වන සැමරුම් උත්සවය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ඇතුළු විශාල පිරිසක් සහභාගිවිමට නියමිත බව ද වාර්තාවේ.

    2009 වසරේ මැයි මාසයෙන් අවසන් වූ එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහි සටනේදී උත්තරීතර කැප කිරිම් සිදු කළ යුද හමුදාවේ 23,962 දෙනෙකු, නාවික හමුදාවේ 1160 දෙනෙකු, ගුවන් හමුදාවේ 443 දෙනෙකු පොලිසියේ 2598 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 456 දෙනෙකු මෙම උත්සවයේදී ගෞරවයෙන් සිහිපත් කිරිමට නියමිතයි.

    Latest News