ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම හෙට (වීඩියෝ)

මැයි 18, 2020
  • ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම හෙට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතයි.

    ප්‍රධාන ආරාධිතයා වන්නේ, සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමායි.

    යුද, නාවික හා ගුවන් හමුදාවේ මෙන්ම පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවය කොට රට වෙනුවෙන් දිවි පිදූ වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් ජාතියේ උපහාරය පිරිනැමීමේ 11 වැනි ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම මෙවර පැවැත්වේ. සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස්වලට මූලිකත්වය ලබාදෙමින් රණවිරු සේවා අධිකාරිය විසින් මෙය සංවිධාන කරනු ලබයි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ආරාධිතයින් රැසක් ද මීට සහභාගි වේ. 2009 මැයි මස අවසන් වූ එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී උත්තරීතර කැපකිරීම කළ යුද හමුදාවේ 23,962ක්, නාවික හමුදාවේ 1,160ක්, ගුවන් හමුදාවේ 443ක්, පෛාලිසියේ 2,598ක් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ 456 දෙනෙකු උත්සවයේ දී ගෞරවයෙන් සිහිපත් කෙරේ. අද පස්වරුවේ උත්සවයේ පෙරහුරු කටයුතු සිදු කෙරිණ. ජාතික රණවිරු දින සැමරුම හෙට පස්වරු 4.00 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමට නියමිතයි.

    Last modified on සදුදා, 18 මැයි 2020 19:57

    Latest News