පසුගිය පැය 24 තුළ ඇඳිරිනීතිය කැඩූ 730ක් අත්අඩංගුවට

මැයි 19, 2020

    ඊයේ (18) පෙ.ව. 6 සිට අද පෙ.ව. 6 දක්වා වූ පැය 24 තුළ ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම නිසා පුද්ගලයින් 730ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එමෙන්ම එස කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති රථ වාහන සංඛ්‍යාව 252කි.

    මාර්තු 20 දින සිට මේ දක්වා ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දිවයින පුරා පුද්ගලයින් 59,765 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අතර පොලිස් භාරයට ගත් රථ වාහන සංඛ්‍යාව 16,668ක් වේ.

    අදාළ වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීම් 16,488ක් සිදුකර ඇති අතර දඞුවම් නියම කළ සංඛ්‍යාව 6000ක් වේ.

    Latest News