පසුගිය පැය 6 තුළ ඇඳිරිනීතිය කැඩූ ගණන 173ක්

මැයි 30, 2020

    ඊයේ(29) රාත්‍රී 10 සිට අද උදෑසන 04.00ට අවසන් වූ පැය 6 තුළ ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 173 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාලය තුළ රථ වාහන 53ක් පොලිස් භාරයට ගෙන තිබේ.

    දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ පසුගිය මාර්තු මස 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් පුද්ගලයින් 66,835 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

    එම කාලය තුළ රථවාහන 18,831ක් සිය භාරයට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

    ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනිම සඳහා දිවයින පුරා සිදු කළ වැටලීම්වල දී අත්අඩංගුවට ගෙන 23,307 දෙනෙකුට නඩු පැවරා ඇති අතර පුද්ගලයින් 9,494ක් දෙනෙකුට දඬුවම් නියම කර තිබේ.

    Latest News