අම්ෆන් නිසා අදත් 150mm දක්වා වූ තද වැසි

මැයි 19, 2020

    දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    විශේෂයෙන්ම දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට අම්ෆන් සුළි කුණාටුව නිසා බලපෑමට ලක්ව තිබේ.

    මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ප්‍රතිචණ්ඩ සුළි කුණාටුව වන අම්ෆන් ඊයේ(18) රාත්‍රී වන විට ත්‍රීකුණාමලය සිට කි‍.මී.900 පමණ ඊ‍ශාන දෙසින් වු නැගෙනහිරට ආසන්නව බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගතව පවතී.

    මෙම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරන අතර හෙට(20) වන විට බටහිර බෙංගාල වෙරළට ගමන් කරනු ඇතැයි විශ්වාස කරයි.

    මේ හේතුවෙන් දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවු වැසි ඇති වෙයි.

    ඉදිරි පැය 24 තුළ නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට 150mm ට වැඩි ඉතා තද වැසිද ඇතිවිය හැකිය.

    දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 50-60 ත් අතර වෙයි.

    දිවයින පුරා අහස වළාකුළින් බරව පවතී.

    දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

    නුවරඑළිය, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල , ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී.100 ඉක්මවු වැසි ඇති‍‍ වෙයි.

    උතුරු හා උතුරු මැද පළාත්වලත් වැසි වාර කීපයක් ඇති වෙයි.

    ගිඟුරුම් සහිත වැසි සමඟ අකුණු ඇති විය හැකි බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    Latest News