මෙරට කොවිඩ්19 ගණන 992ක්; සුව වූ ගණන 559ක්

මැයි 19, 2020

    මේ වන විට ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 559ක් ලෙස වාර්තාවේ.

    එමෙන්ම මේ වන කොව්ඩ් 19 ආසාදනය වූ බවට වාර්තා රෝගීන් ගණන 992ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ(18) වාර්තා වූ රෝගීන් 11 දෙනාත් සමගයි. එම රෝගීන් 11න් 10ක් නාවික හමුදා සෙබලුන් වන අතර ඉතිරි පුද්ගලයා සිංගප්පූරුවේ සිට පැමිණි දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ.

    මෙරටින් හඳුන ගෙන ඇති සමස්ත ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 540 දෙනෙකු වන බව ද වාර්තා වේ. ඒ අනුව මේ වන විට ආසාදිතයින් 424ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 149 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 9කි.

    Latest News