විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත්‌ සහතික කරගැනීම ලබන 20, 21, 22

මැයි 18, 2020

    විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත්‌ සහතික කරවා ගැනීමට ලබන 20, 21 සහ 22 දිනවල හැකි බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා සිසුන්ට අවස්ථාව සලසා දෙන ලෙසයි, අමාත්‍යාංශය පාසල්‌ ප්‍රධානීන්ට උපදෙස්‌ ලබාදී ඇත්තේ.

    සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්‌ මෙය සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්‌ දී ඇති අතර අදාල පාසල්වල විදුහල්පතිවරයා හෝ නියෝජ්‍ය විදුහල්පතිවරයා හෝ

    සිසුන්ගේ අයදුම්පත්‌ සහතික කර දීම සිදු කළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත්‌ කළ නිවේදනයේ සඳහන්‌.

    Latest News