2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙවර සිසුන් 42,519ක් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට නියමිතව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

2020 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කිරීමේ අවස්ථාව ලබන සඳුදා සිට යළිත් ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත.

2019 අ.පො.ස (උසස්පෙළ) විභාගයේ පැරණි සහ නව නිර්දේශ කඩඉම් ලකුණු මට්ටම් දෙකකින් විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයන් තෝරා ගැනීම නිසා මතු වී ඇති ගැටළුව විසඳීම, බඳවා ගැනීම් පටිපාටියට හා පවත්නා නීති රීතිවලට අනුකූලව ගැටළු පවතින ශිෂ්‍යන්ගේ ඉල්ලීම් සපුරාලන පරිදි සිදු කිරිමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත.

විශ්වවිද්‍යා‍ෙවලට සිසුන් ඇතුලත් කරගැනීම අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350කින් ඉහළ නැංවීමට පසුගිය දා (04) අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී තීරණය විය.

විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත්‌ සහතික කරවා ගැනීමට ලබන 20, 21 සහ 22 දිනවල හැකි බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා සිසුන්ට අවස්ථාව සලසා දෙන ලෙසයි, අමාත්‍යාංශය පාසල්‌ ප්‍රධානීන්ට උපදෙස්‌ ලබාදී ඇත්තේ.

Latest News