විදේශ රැකියා සඳහා ලියාපදිංචි වීම මැයි 20 වැනිදා යළි ඇරඹේ

මැයි 18, 2020

    විදේශ රැකියා සඳහා ලියාපදිංචි වීම මැයි 20 වැනිදා යළි අරඹන බව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

    ප්‍රථම පියවර යටතේ දකුණු කොරියාව, ජපානය, කැනඩාව හා ජර්මනිය යන රටවල රැකියා සඳහා අනුමැතිය ලබා දීමට නියමිතයි.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාල සහ සියලුම පළාත්‌ කාර්යාල මෙන්ම දිස්ත්‍රික්‌ කාර්යාලවල ද සාමාන්‍ය රාජකාරී ආරම්භ කර තිබේ. රැකියා සඳුහා ලියාපදිංචිය සිදු කෙරෙන්නේ එම ස්ථානවලදී. විදේශ රැකියාවක නිරතව සිට දැනට නිවාඩු ලබා පැමිණ සිටින, නැවත රැකියා ස්ථානවලට යාමට බලාපොලරොත්තු වන අයට ලියාපදිංචියේදී ප්‍රමුඛතාව ලබා දීමට නියමිතයි. ලියාපදිංචි වීමට අවශ්‍ය මූලික ලියකියවිලිවලට අමතරව, අදාළ රටවල සේවා යෝජකයන්‌ ශ්‍රී ලාංකික සේවකයින්‌ එම රටේ දී නිරෝධායනයට ලක්‌ කරන බවට නිකුත්‌ කළ සහතික කිරීමේ ලිපිය ද අවශ්‍ය බවයි, කාර්යාංශය සඳහන්‌ කරන්නේ. මැදපෙරදිග හා සෙසු රටවල විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරීම්‌ ඉදිරියේදී ආරමිභ කිරීමට නියමිතයි. කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන්‌ පසුගිය මාර්තු 13 වැනි දින සිට විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවනු ලැබිණි.

    Latest News