ඇඳිරිනීතිය නිසා පානදුර හිරවී සිටි 1,000 ක් යළි ගම්බිම් කරා

මැයි 18, 2020

    ඇඳිරිනීතිය හේතුවෙන්‌ ගම්බිමි බලා යාමට නොහැකිව සිටි පානදුර පොලිස්‌ කොට්ඨාසයට අයත්‌ පොලිස්‌ වසම්වල 1,000 කට අධික පිරිසක්‌ අද සිය ගම්‌ බිමි බලා පිටත්‌ කර හරිනු ලැබිණි.

    අග්‍රාමාත්‍ය කාර්යාලයයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. බණ්ඩාරගම මහජන පොල භූමියට රැස්‌ කළ පිරිසට ප්‍රවාහන පහසුකම්‌ සපයා දීම සිළු කරනු ලැබුවේ, සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින්‌. බස්නාහිර පළාත්‌ බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්‌ මහතා මේ පිළිබඳ සොයා බැලුවා.

    Latest News