දකුණ, බස්නාහිර, සබරගමු සහ මධ්‍යමට මි.මී. 150ට වැඩි තද වැසි (වීඩියෝ)

මැයි 17, 2020
  • බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ට වැඩි තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදේ පැවති ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වෙයි.

    අම්ෆන් නමින් හඳුන්වා ඇති මෙම සුළි කුණාටුව ඊයේ(16) පස්වරු 5.30 වන විට ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කි‍‍ලෝමීටර 620 ක් පමණ උතුරු අක්ෂාංශ 10.9 ත් නැගෙනහිර දේශාංශ 86.3 ත් අතර ස්ථානගතව තිබී ඇත.

    හෙට(18) උදෑසන වන විට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වේ යැයි කාලගුණ අංශ අනුමාන කරන බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙය අද (17) දිනයේ දී උතුරට බරව වයඹ දෙසටත් ඉන් අනතුරුව 18 වන දා සිට 20 වෙනිදා දක්වා උතුරට බරව ඊශාන දෙසට හැරී බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරයි.

    දිවයින පුරා ‍සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 50-60 ත් අතර වෙයි.

    පුත්තලම සිට ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 60-70 ත් අතර වෙයි.

    මන්නාරම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු එළ මීටර 2 ක් පමණ ය ඉහළ යා හැකියි.

    මුහුදු රළ ‍ගොඩබිමට පැමිණිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Last modified on ඉරිදා, 17 මැයි 2020 20:07

    Latest News