මියන්මාරයේ සිටි ලාංකිකයන් 74ක් යළි දිවයිනට

මැයි 16, 2020

    ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි‍ව, මියන්මාරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 74 දෙනෙක් අද (16) දහවල් 12.05ට යළි මෙරටට පැමිණියේය.

    ඒ මියන්මාරයේ යැන්ග්ගොන් ගුවන් තොටුපළේ සිට, මියන්මාර ගුවන් සේවයට අයත් 8 M - 611 දරන විශේෂ ගුවන් යානයෙන්.

    මෙම ගුවන් යානයෙන් පැමිණි සියලුම ගුවන් මගීන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විෂබීජ හරණය කිරීමට ලක් කෙරිණ. පසුව ඔවුන් නීරෝධායන කටයුතු සඳහා විශේෂ බස් රථ මගින් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ගෙන ගාස් ඇත.

    Last modified on සෙනසුරාදා, 16 මැයි 2020 13:31

    Latest News