ශ්‍රී ලංකන් දෙවැනි ගුවන් ගමන ජපානයට

මැයි 15, 2020

    මගීන් 157 දෙනෙක් රැගන් ශ්‍රී ලංකන් ගුවන් යානය සිය දෙවන ගුවන් ගමන් මෙහෙයුම ජපානය දක්වා ක්‍රියාත්මක කළේය.

    තම සීමිත ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරිමේ වැඩසටහන යටතේ ඊයේ (14) රාත්‍රී 07.20ට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 454 දරණ ගුවන් යානය ජපානයේ නරීටා වෙත ගමන් කළේය.

    ඊට ජපන් ජාතිකයින් 16 දෙනෙක් ද ඇතුළත්. සෙසු පිරිස කටුනායක ගුවන්තොටුපලෙන් ජපානය වෙත පිවිසිය හැකි සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික සහ විදේශිකයින් 141 දෙනෙක්.මෙම ජපන් ජාතිකයින් 16 දෙනා ඊයේ දහවල් මාලදිවයිනේ සිට මෙරටට රැගෙන ආ පිරිසයි. 

    ඔවුන් ව්‍යාපාරික පංතියේ ආසන වල 10 දෙනෙකු ද, පිරිමැසුම්දායක පංතියේ 147 ක් ද වශයෙන් අසුන් ගෙන ඇත. මේ අතර සිය මෙහෙයුම් ආරම්භ කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගියදා ලන්ඩන් සහ පාකිස්ථානයේ කරච්චි දක්වා ගුවන් මෙහෙයුම් සිදු කළේය.

    Last modified on සිකුරාදා, 15 මැයි 2020 09:07

    Latest News