දිස්ත්‍රික්ක කිහිපයකට අධික වැසි

මැයි 15, 2020

    ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ හා දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 150 ට වැඩි තද වැසි ඇති වෙයි. දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40-50 ත් අතර විය හැකියි.

    දකුණු , බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි. සෙසු පළාත්වල විශේෂයෙන් ඌව හා නැගෙනහිර පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

    ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති වෙයි.

    Last modified on සිකුරාදා, 15 මැයි 2020 13:02

    Latest News