පසුගිය දින කිහිපයක පුරාද විවිධ රටවල සිරව සිටි පිරිස් මෙරටට රැගෙන ඒම සිදු කෙරිණ.
මාලදිවයින තුළ සිරවී සිටි විදේශිකයින් 108 දෙනෙකු ඊයේ (13) ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ. මාලේ ගුවන් තොටුපළේ සිට ඊයේ දහවල් 1.15ට කටුනායක ගුවන් තොටුපළ වෙත, ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 103 දරන ගුවන් යානයෙන් රැගෙන විත් ඇත.