රෝසිට කොරියාවේ පුරවැසි භාවය

දෙසැ 24, 2018

    කොළඹ මහ නරග සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියට දකුණු කොරියාවේ සෝල් අගනුවර ගෞරවනීය පුරවැසිභාවය හිමිව තිබේ.

    කොරියා ටයිම්ස් වෙබ් අඩවිය මේ බව වාර්තා කර තිබේ. දීර්ඝ කාලයක පටන් දෙරට අතර පවතින සමීප මිත්‍ර සබඳතා පදනම් කර මෙම පුරවැසිභාය ඇයට ප‍්‍රදානය කර කෙරිණ. රෝසි සේනානායකට මෙම පුරවැසිභාවය ප‍්‍රදානය කළේ සෝල් නගරාධිපති පාක් වොන් සූන් මහතා විසිනි.

    2016 වසරේදී දෙරට අතර එළඹි සහයෝගීතා ගිවිසුමක් අනුව නගර අතර ප‍්‍රතිපත්ති හුවමාරුව පුළුල් කර තිබේ. ඒ අනුව කොළඹ නගරයේ පළමු කාන්තා නගරාධිපතිනිය වීම හේතුවෙන් ඊට ගෞරවය පුද කිරීමක් ලෙස දකුණු කොරියාව ඇයට මෙම ගෞරව පුරවැසිභාවය පිරිනමා ඇති බව සඳහන්වේ.

    Latest News