එහි අධ්යක්ෂ ජනරාල් දමයන්ති ප්රනාන්දු පැවසුවේ මේ සම්බන්ධයෙන් රක්ෂණ නියෝජිත ආයතන ද දැනුවත් කර ඇති බවයි.
ඒ අනුව මාර්තු පළමු වනදා සිට ජූනි 30 වනදා දක්වා කාලය තුළ කිසියම් රක්ෂණ ඔප්පු හිමියෙකුට වාරික ගෙවීමට නියමිතව තිබුණේ නම් මෙම සහන කාලය ලබාදීමටයි තීරණය කර ඇත්තේ.
මේ අතර ලබන 11 වනදා රට යථා තත්ත්වයට පත් කිරීමත් සමග දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු ද තවදුරටත් පුළුල් කිරීමටයි සැලසුම් කර තිබේ.