නිරෝධායන අවසන් කළ 118ක් නිවෙස් වෙත

මැයි 08, 2020

    නිරෝධායනය අවසන් කල පුද්ගලයින් 118ක් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පිටව ගියේය.

    සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 98 ක් සහ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 20ක් වශයෙන් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලයින් 118 දෙනෙක් අද (08) එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව ගියේය.

    සාම්පූර් නාවික හමුදා මැරීන් බලඝණ මූලස්ථානයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගිය පුද්ගලයින් 98 දෙනා කොළඹ ගුණසිංහපුර, වේල්ලවීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ නාගලගං වීදිය යන ප්‍රදේශයන්හි පුද්ගලයින් වන අතර, ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගිය පුද්ගලයින් 20 දෙනා ජා-ඇල ප්‍රදේශයෙහි පුද්ගලයින් වේ.

    මොවුන් සියළු දෙනාම කොරෝනා වෛරසය ආසාධිතයින් සමඟ සමීප සබඳතා පැවැත්වූවන් බවට හදුනා ගැනීම හේතුවෙන් 2020 අප්‍රේල් මස 11 සහ 16 යන දිනයන්හි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කල පුද්ගලයින් වේ.

    ඒ අනුව එම නිරෝධායන මධ්‍යස්ථාන තුලදී දින 21කට වැඩි දින ප්‍රමාණයක් සාර්ථකව නිරෝධායනය වූ පුද්ගලයින් 118 දෙනෙකු ගෙන් යුත් මෙම පිරිස මෙලෙස අද (08) එම මධ්‍යස්ථානයන්ගෙන් පිටව යන ලදි.

    Last modified on සිකුරාදා, 08 මැයි 2020 17:27

    Latest News