මැනිං වෙළඳපොළ 09 සහ 10 වැසේ

මැයි 08, 2020

    කිසිදු හේතුවක් මත හෙට (09) හෝ අනිද්දා (10) දිනවල කොළඹ මැනිං වෙළඳපොල ව්‍යාපාරික කටයුතු සඳහා ආරම්භ නොකරන බව මැනිං වෙළඳපොළ පොදු වෙළඳ සමිතිය පවසයි.

    වෙසක් පොහොය නිමිත්තෙන් ඊයේ (07) සහ අද (08) යන දෙදින තුළ මැනිං වෙළඳපොළ වසා තැබීමට පියවර ගත් අතර පවතින වසංගත රෝග තත්ත්වය හමුවේ හෙට සහ අනිද්දා දිනවල ද මැනිං වෙළඳපොල විවෘත නොකෙරන බව ඔවුන් සඳහන් කළේය.

    කෙසේවෙතත් එළඹෙන සඳුදා (11) උදෑසන 04.00 සිට මැනිං වෙළඳපොල ව්‍යාපාරික කටයුතු සඳහා ආරම්භ කෙරෙන බව, මැනිං වෙළඳපොල පොදු වෙළඳ සමිතියේ ප්‍රධාන සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා සඳහන් කළේය.

    Latest News