5000 දීමනාව මැයි මාසයටත්

මැයි 04, 2020

    කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම්වලට,හිමිවන රුපියල් පන්දහසේ දීමනාව, මැයි මාසය සදහා ද ගෙවීමට රජය තීරණය කර තිබේ. එම තීරණය ගනු ලැබුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනූවයි.

    මැයි මස දීමනාව අද සිට ක්‍රියාත්මක වන අතර වෙසක් පොහොය දිනට පෙර එය අවසන් කිරීමට නියමිතයි. වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන් හා වකුගඩු රෝගීන් සඳහා මාර්තු මස සිට පුද්ගලයෙකුට රුපියල් පන් දහස බැගින් ගෙවීමට ජනාධිපතිතුමා විසින් තීරණය කරනු ලැබීය. මේ කණ්ඩායම්වලට අයත් මුල් ලේඛනවල නම් සඳහන් අයට මෙන්ම පොරොත්තු ලේඛනවල සිටින අයට ද දීමනාව හිමිවෙයි.

    Last modified on සදුදා, 04 මැයි 2020 12:02

    Latest News