පාසල් තුල ඩෙංගු මර්දනයට පියවර

මැයි 02, 2020

    කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දැනට වසා දමා ඇති පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරු විද්‍යාල ඇතුළු සියලු ආයතනයන්හි පවිත්‍ර කිරීමේ කටයුතු නැවත ආරම්භ කර ඩෙංගු උවදුර මර්දනයට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

    පාසල් සහ අනෙකුත් අධ්‍යයන ආයතන නැවත ආරම්භ කිරීමට පෙර, මේ සඳහා ක්‍රියාත්මක විය යුතු බවත්, අදාළ ආයතනයන්හි සනීපාරක්ෂක කම්කරු, පාසල් කම්කරු, උද්‍යාන කම්කරු, මුරකරු සහ සෙසු අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත ඒ සඳහා වගකීම් පවරන ලෙසත්, ඊට අමතරව, පාසල් සංවර්ධන සමිති හා ආදි ශිෂ්‍ය සංගම්වල සහය ඒ සඳහා ලබාගැනීමට කටයුතු කරන ලෙසත් සියලු පළාත්/ කලාප අධ්‍යාපන බලධාරීන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත.

    සියලු පවිත්‍ර කිරීමේ කාර්යයන් කොවිඩ් 19 වෛරසය මර්දනයට අදාළ ව රජය විසින් ප්‍රකාශයට පත් කරන සහ, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මගින් ලබාදෙන උපදෙස් හා නිර්දේශයන්ට යටත්ව සිදු කළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.

    Last modified on සෙනසුරාදා, 02 මැයි 2020 12:59

    Latest News