සා. පෙළ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිත ඩෙංගු මර්ධන කටයුතු කඩිනමින්

මැයි 26, 2023

    අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිත ඩෙංගු මර්දන කටයුතු තවදුරටත් කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

    දිවයිනපුරා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ආශ්‍රිත ඩෙංගු මර්දන කටයුතු ද අද ආරම්භ කෙරුණා.

    මේ වන විට දිවයිනපුරා ඩෙංගු රෝගීන් 37,209 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් 8,300 කට ආසන්න වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,700 කට ආසන්න සංඛ්‍යාවක් ද කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,200 කට ආසන්න සංඛ්‍යාවක් ද වාර්තා වී තිබෙනවා. ඊට අමතරව, ආසන්න වශයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,500 ක්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,560 ක් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,500 ක් වාර්තා වුණා. සමස්ත රෝගීන්ලෙව් සියයට 50 ක් හුනාගෙන ඇත්තේ,  බස්නාහිර පළාතෙන්.

    මේ වන විට පරීක්ෂාවට ලක් කළ පාසල් අතුරින් සියයට 60 කින් පමණ ඩෙංගු රෝගය ව්‍යාප්තවන ස්ථාන හඳුනා ගෙන ඇති අතර, රාජ්‍ය ආයතන අතුරින් සියයට 28 ක පමණ එවැනි ස්ථාන හඳුනා ගෙන තිබෙනවා.

    Latest News