පාසල් වාරයට පෙර ඩෙංගු පරීක්ෂාවක්

ජන 01, 2019

    නව පාසල් වාරය ආරම්භයට පෙර සෑම පාසල් පරිශ්‍රයක්ම මදුරුවන් බෝවීමට ඉඩ නොමැති පරිශ්‍රයක් බවට සහතික කිරීම අත්‍යවශ්‍ය බව, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

    ඒ සදහා දිවයිනපුරා පාසල් පරිශ්‍ර පවිත්‍ර කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතුයි. දැනට දිවයිනපුරා සක්‍රීය පවතින වැසි සහිත කාලගුණ තත්වය සමග ඩෙංගු රෝගීන් වාර්තාවීමේ කාලීන ඉහළ යාමක් පෙන්නුම් කෙරේ. මදුරුවන් බෝවීමට හැකි ලෙස ජලය රැදෙන ස්ථාන සුලබව පැවතීම හේතුවෙන් මදුරුවන් බෝවීමේ අවදානම ද ඉහළ ගොස් තිබේ.

    ඉදිරි මාස කිහිපය තුළ ඩෙංගු වසංගත තත්වය වළක්වා ගැනීමට ජනතාව ඇතුළු සියලු පාර්ශ්වවල දැඩි අවධානය අත්‍යවශ්‍ය බව, සෞඛ්‍ය ප්‍රවර්දන කාර්යාංශය දැනුම් දෙයි. දිවයිනපුරා පාසල් පරිශ්‍රවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන බහුල බව, සමීක්ෂණයකින් හෙළි වී තිබේ. එබැවින් සියලු පාසල් පරිශ්‍ර පිරිසිදු කර, මදුරුවන් බෝ නොවන ලෙස පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව අවධාරණය කෙරේ. මේ වන විටත් බොහෝ පාසල්වල පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළවල් ක්‍රියාත්ම කර ඇත. ඒ පිළිබඳ ද සෞඛ්‍ය අමාත්‍යාංශය සිය ප්‍රසාදය පළ කරයි.

    Latest News