ශ්‍රී ලංකාවේ COVID-19 ආසාධිත 653යි; සුව වූ ගණන 139 යි (වීඩියෝ)

අප්‍රේ 30, 2020
  • මේ වන විට ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසය ආසාධනය වූ රෝගීන් ප්‍රමාණය 653ක් වී තිබේ.

    ඒ අද දිනයේ වාර්තා වූ රෝගීන් 4 දෙනාත් සමගයි. එමෙන්ම අද දිනයේ තවත් රෝගීන් 3 දෙනෙකු රෝගය සුවවී නිවෙස් බලා ගොස් ඇත. ඒ අනුව මේ වන විට රෝගීන් 139 දෙනෙකු රෝගය සුව වී නිවෙස් බලා ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

    මේ වන විට 507 දෙනෙක් COVID-19 ආසාදිතයන් ලෙස රෝහල් ගතව ප්‍රතිකාර ලබති.

    ඒ අතර 187 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින අතර මේ වන විට COVID-19 නිසා මිය ගිය ගණන 07කි.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 අප්‍රේල් 2020 20:34

    Latest News