හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයට කැඳවයි

අප්‍රේ 30, 2020

    රටේ වත්මන් තත්වය පිළිබඳ පැහැදිලි කිරීමට හා සාකච්ජා කිරීමට විසුරුවන ලද පාර්ලිමේන්තුවේ හිටපු සියලු මන්ත්‍රීවරුන් ලබන සඳුදා උදේ අරලියගහ මන්දිරයට කැඳවා තිබේ.

    ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින්.

    රට ගොඩනැගීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග හා යෝජනා පිළිබඳව හිටපු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම මෙම රැස්වීමේ ප්‍රධානම අරමුණයි. ඊට අදාළ යෝජනා හිටපු මන්ත්‍රීවරුන්ගෙන් ලබාගැනීමට ද නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජයානන්ද හේරත් මහතා පවසයි.

    Latest News