ප්‍රවීන රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වේ

අප්‍රේ 29, 2020

    ප්‍රවීන සටන් රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා අද (29) දින අභාවප්‍රාප්ත වී තිබේ.

    ඒ මහතා කොළඹ ජාතික රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව නිවේදනය කර සිටියි.

    රෝගී තත්ත්වයෙන් සිටි ඒ මහතා මිය යන විට 80 වැනි වියේ පසුවිය. ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු වසර 50 කට ආසන්න කාලයක් තුල චිත්‍රපට 120 කට පමණ රංගනයෙන් දායක වී තිබේ. 1963 දී "වෙන ස්වර්ගයක් කුමට ද ?" චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූ ඔහු, දමිළ චිත්‍රපට 06කට මෙන්ම ඉංග්‍රීසි චිත්‍රපටයකට ද සිය රංගන ප්‍රතිභාව එක් කර තිබේ. 

    දේහය පිළිබඳ අවසන් කටයුතු තවම තීරණය කර නැති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    Latest News