අදත් හවසට වැසි

අප්‍රේ 29, 2020

    ඌව, නැගෙනිහිර සහ උතුරු මැද පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි ‍හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එමෙන්ම බස්නාහිර හා දකුණු පළාත්වලත් මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති‍ විය හැක.

    පොළොන්නරුව,මාතලේ සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලි මීටර 100 කට වැඩි වර්ෂාපතනයක් ද ඇති විය හැකියි.

    ගිඟුරුම් සහිත වැසි සමඟ අකුණු හා තද සුළං ද ඇති වෙයි. ඒ සඳහා අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

    Latest News