බීමතින් පහර දී කාන්තාවක් ඝාතනය කරයි

අප්‍රේ 24, 2020

    දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ දී පවුලු ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබේ.

    බිමතින් පැමිණි පුද්ගලයෙකු විසින් සිය බිරිඳට පහර දි ඇති අතර ගැටුම සමථයකට පත් කිරිම සඳහා බිරිඳගේ මව හා අසැල්වැසියෙකු මැදිහත් වි ඇති බවයි වාර්තා වන්නේ. එහිදි බීමතින් සිටි පුද්ගලයා සිය බිරිඳට හා බිරිඳගේ මවට හා අසල්වැසියාට තියුණු ආයුධකින් පහර දිමක් සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

    පහර දිමෙන් තුවාල ලැබු ඔවුන් තිදෙනා දඹුල්ල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු 61 හැවිරිදි බිරිඳගේ මව මියගොස් ඇත. අසල්වැසි පුද්ගලයා ආබාධිත හමුදා සෙබළෙකු බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

    ඝාතනය සිදුකළ සැකකරු දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. වැඩිදුර දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

    Latest News