මේ වන විට ශ්‍රී ලංකාව තුළ COVID-19 ආසාධනය වූ ගණන 373ක්

අප්‍රේ 24, 2020

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසය ආසාධනය වූ රෝගීන් ප්‍රමාණය 373ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අද පෙරවරුවේ වාර්තා වූ රෝගීන් 5ක් සහ ඊයේ රාත්‍රී වාර්තා වූ නාවික භටයින් 29 දෙනාත් සමගයි. තවද මේ වන විට රෝගීන් 107 දෙනෙකු රෝගය සුව වී නිවෙස් බලා ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව මේ වන විට 259 දෙනෙක් COVID-19 ආසාදිතයන් ලෙස රෝහල් ගතව ප්‍රතිකාර ලබති.

    173 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින අතර මේ වන විට COVID-19 නිසා මිය ගිය ගණන 07කි.

    Latest News