වැලිසර නාවික හමුදා කඳවුර හුදෙකලා කෙරේ (වීඩියෝ)

අප්‍රේ 24, 2020
  • වැලිසර නාවික හමුදා කඳවුර සම්පූර්ණයෙන්ම හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.

    එම කඳුවුරේ නාවිකයන්‌ තිස්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව, ඊයේ හළඳුනාගැනීමත්‌ සමග මේ පියවර ගත්‌ බවයි, යුද හමුදාපති ලුතිතන්‌ ජෙනරාල්‌ ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ. මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ උහන සහ ධමන ප්‍රදේශ සඳහා තාවකාලිකව කෙටි වේලාවක්‌ සඳහා ඇඳිරිනීතිය පනවා තිබේ. නාවික හමුදා භටයන්‌ කිහිපදෙනෙකු නිවාඩු ලබා එම ප්‍රදේශයට ගොස්‌ සිටීම ඊට හේතුව බවයි, යුදු හමුදාපතිවරයා කියා සිටියේ.

    Last modified on සිකුරාදා, 24 අප්‍රේල් 2020 10:44

    Latest News