පාකිස්තානයේ සිටි සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

අප්‍රේ 21, 2020

    පාකිස්තානයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් 113 දෙනෙක් ගෙන්වා ගැනීම සඳහා පිටත්ව ගිය විශේෂ ගුවන් යානය මේ වන විට මෙරටට පැමිණ තිබේ.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.1205 දරන ගුවන් යානය අද (21) උදෑසන පාකිස්තානයේ කරච්චි නුවර බලා පිටත්ව ගිය අතර සවස 6.05ට එම යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි අප වාර්තාකරු පැවසුවේ.

     

    Last modified on අඟහරුවාදා, 21 අප්‍රේල් 2020 18:51

    Latest News