රෝගියක් මියයෑමෙන් කටුපොත රෝහලේ බාහිර රෝගී අංශය වැසේ

අප්‍රේ 16, 2020

    කටුපොත ප්‍රාදේශීය රෝහලේ හදිසියේ රෝගියකු මියයාම හේතුවෙන් එම රෝහලේ බාහිර රෝගී අංශය අද (16) දහවල් 12.30 සිට තාවකාලිකව වසා දමා තිබේ.

    වයස අවුරුදු 48 ක් පමණ වූ මෙම පුද්ගලයා පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද උදෑසන කටුපොත ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි අවස්ථවේ දී හදිසි සෙම් රෝගයක් හේතුවෙන් රෝහල් ගත කර තිබිණි. කෙටි කාලයකදී රෝගියා මියයාම නිසා රෝහලේ බාහිර රෝගී අංශය වසා දමා කිසිවෙකුටත් රෝහලට ඇතුලුවීම වලකා ඇත.

    මෙම රෝගියා මියගියේ කොරෝනා වයිරසය ආසාදනයවීම හේතුවෙන්දැයි පරීක්ෂා කිරීමට දේහය කුලියාපිටිය මහ රෝහලට ගෙන යාමට නියමිතය.

    මැද්දකැටිය හදිසි මරණ පරීක්ෂකවරයා වන පාලිත ඉලංකෝන් මහතා විසින් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 අප්‍රේල් 2020 17:08

    Latest News