වෙනදාට වඩා වෙනස් මෙවර නුවරඑළිය (වීඩියෝ)

අප්‍රේ 12, 2020
  • වසන්ත සමයට නුවරඑළිය වෙනදාට සැරසෙන්නේ මලින් බරවයි.

    සෞම්‍ය දේශගුණය හා කාලගුණය දෙස්-විදෙස් සංචාරකයින් සඳහා එම කාලයට උචිතවීම හේතුවෙන් බොහෝ පිරිසක් වසන්ත සමයට නුවරඑළියට පැමිණේ. එහෙත් මෙවර පවතින්නේ ඊට හාත්පසින් වෙනස් තත්වයක්.

    නෙක වර්ණවලින් පිරිපුන් මල්වර්ග නුවරඑළියට එක් කරන්නේ, සුන්දරත්වයක්. උඩරට කඳුකරයේ වැවෙන පළතුරු වර්ග ද මෙම කාලයට බහුලව පවතී. වෙනදාට වසන්ත කාලයට සුන්දර නුවරඑළිය දෙස්-විදෙස් සංචාරකයින් ආකර්ෂණයට ලක්වීම නොරහසක්. විනෝදකාමී වැඩසටහන්, මල් ප්‍රදර්ශන, තුරඟ-තරඟ මෙන්ම විවිධ ඉසව් නුවරඑළිය නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. ග්‍රෙගරි වැවේ සුන්දරත්වය සහ සුවය විඳ ගැනීමට නන් දෙසින් බොහෝ පිරිසක් පැමිණෙන්නේ මේ වසන්ත කාලයේයි. නුවරඑළියේ සුන්දරත්වය විඳීමට පෙර අවුරුදුවල දෙස්-විදෙස් සංචාරකයින් පැමිණියේ බහුල වශයෙන්. ඔවුන් එදා විඳි අසිරිය අද ගොළු වී තිබේ. රටේ උද්ගතව ඇති වාතාවරණය මත වෙනදාට වසන්ත සමයේ කාර්ය බහුලවන නුවරඑළිය නගරය දැන් හිස් තෝතැන්නක් බවට පත්වෙලා.

    Latest News