දිවයිනේ සහල් මෝල් අඛණ්ඩව ක්‍රියාත්මකයි (වීඩියෝ)

අප්‍රේ 12, 2020
  • සහල් නිෂ්පාදනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමත් සමඟ දිවයිනේ සහල් මෝල් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ වී මෝල් හිමියන් ද තම නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරන බව අප වාර්තාකරු පවසයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙලීම අවසන් අදියරේ පවතින අතර, වී මිලදී ගැනීම රජය මෙන්ම පෞද්ගලික අංශයෙන් ද සිදු කෙ‍ෙර්. දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වී මෝල්වලට අමතරව කුඩා හා මධ්‍යම පරිමාණ වී මෝල් 400ක් පමණ පවතී. ඉදිරි දිනවලදී රටට අවශ්‍ය සහල් හිඟයකින් තොරව ලබාදීමට තමන්ට හැකි බව, ඔවුන් කියා සිටී. සහල් නිෂ්පාදනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමත් සමඟ වවුනියාව දිස්ත්‍රික්කයේ ද වී මෝල් හිමියන් සිය කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යයි. ප්‍රදේශ යේ වී අස්වනු නෙලීම අවසන් වෙමින් පවතින අතර, ඉදිරි දිනවලදී එම වී සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි. මහ කන්නයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් වී මෙට්‍රික් ටොන් 7,800ක් රජය විසින් මිලදී ගනු ලැබ තිබේ. ගබඩා 33කදී, වී මිලදී ගැනීම සිදු කෙරෙන බව, දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතා පැවසීය.

    Last modified on ඉරිදා, 12 අප්‍රේල් 2020 20:04

    Latest News