නීති විරෝධි ලෙස ගබඩා කර තිබියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගත් සහල් කිලෝ 15,000 ක් රාජසන්තක කර තිබෙනවා.
බාස්මතී සහල් නිෂ්පාදනය කිරීම සඳහා මෙරට වගා කළ හැකි වී ප්රභේදයක් හඳුන්වා දීම සඳහා කාලයක සිට විවිධ පර්යේෂණ සිදු කරුනු ලැබුවා.
වෙළෙඳ පොළේ සහල් මිල පාලනය සඳහා සහල් මෙට්රික්ටොන් 50,000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

‍වැලිපැන්න පොලිසිය,  පාරිභෝජනයට නුසුදුසු කෘමින් සහිත සහල් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ, ගොවීන්ගෙන් ඊයේ වන විට වී මෙට්‍රික් ටොන් 55,645 ක් පමණ මිලදී ගෙන ඇති බව, මුදල් අමාත්‍යාංශය පවසනවා.

රට තුළ ප්‍රමාණවත් වී තොග පවතින බැවින් ඉදිරියේදී සහල් හිඟයක අවදානමක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. 

අම්බලන්තොට රජයේ වී පර්යේෂණායතනය නව සුදු කැකුළු නාඩු වී ප්‍රභේදයක් සොයා ගෙන තිබෙනවා. නව ප්‍රභේදය හැඳින්වෙන්නේ, ඒටී - 378 යනුවෙන්.

පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ මෝල් හිමියන් සතුව පවතින සහල් තොග ඊයේ (8 ) අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතාගේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ඩී.එම්.එස්. දිසානායක මහතාගේ උපදෙස් පරිදි නීරීක්ෂණය කෙරිණි.

සහල් නිෂ්පාදනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමත් සමඟ දිවයිනේ සහල් මෝල් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී මලදී ගැනීම අඛණ්ඩව ක්‍රියාත්මකයි.

Latest News