ආහාරයට නොසුදුසු හාල් තොගයක් සොයා ගැනේ

අගෝ 22, 2023

    ‍වැලිපැන්න පොලිසිය,  පාරිභෝජනයට නුසුදුසු කෘමින් සහිත සහල් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සහල් කිලෝ ග්‍රෑම් 600 ක් සහ ඒවා ප්‍රවාහනය කළ ලොරි රථය පොලිස් බාරයට ගැනුණා.

    මෙම ලොරි රථයෙන් මතුගම - වලගෙදර ප්‍රදේශයේ පිහිටි  ගබඩාවකට පාරිභෝජනයට නුසුදුසු  සහල් ගෙනවිත් නැවත ඔප දමා අලෙවි කරන බවට පොලිසියට තොරතුරු ලැබී  තිබුණා.

    ඒ අනුව, සිදු කෙරුණු මෙහෙයුමක් අනුවයි, සැකකරු අත්අඩංගුවට ගැනුණේ.

    එසේ සකසන සහල්, වැලිපැන්න, බේරුවල, අලුත්ගම, දර්ගා නගරය ආදි ප්‍රදේශවල පිහිටි ආපනශාලාවලට අඩු මිලට අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වූ බව, පොලිසිය පවසනවා.

     දර්ගා නගරයේ පදිංචි 42 හැවිරිදි සැකකරු, මතුගම - මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

    Latest News