“සෞභාග්‍යා” ගෙවතු වගා වැඩසටහන දිවයින පුරා සාර්ථකව

අප්‍රේ 12, 2020

    “සෞභාග්‍යා” ගෙවතු වගා වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක කෙරේ.

    ජනතාව ඉතා උනන්දුවෙන් ඊට යොමු වන බව අප වාර්තාකරු පවසයි. අවිස්සාවේල්ල, කොස්ගම, කලු අග්ගල හා හංවැල්ල ආදි ප්‍රදේශවල ගෙවතු වගාව ආරම්භ කර තිබේ. තරුණ පිරිස් බහුල වශයෙන් ඊට දායකව සිටීම දැකගත හැක.

    ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් ලක්‍ෂ 06ක් වෙත බීජ වර්ග බෙදාදීම මේ දිනවල සිදු කෙරේ. එම වැඩපිළිවෙළ අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ විශේෂ නිරීක්‍ෂණයට ලක්විය.

    වැලිමඩ, කන්දේපුහුල්පොල ප්‍රදේශයේ කාන්තාවක් සාර්ථක ගෙවත්තක් පවත්වාගෙන යයි.

    පූර්ණ කාබනික වගාවක් වන මෙය සාර්ථක කරගැනීමට බෝගහකුඹුර ගොවිජන සේවා මධ්‍යස්ථානය ද සහය වේ.

    බදුල්ල නගරයේ සාර්ථක ගෙවත්තක් පවත්වාගෙන යන අයුරු දැකගත හැකිය. බදුල්ල ආයුර්වේද සංරක්‍ෂණ සභාවේ සභාපති කරුණාදාස බස්නායක මහතා මෙහි හිමිකරුවේ.

    හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගිරිතලේ ප්‍රදේශයේ ගෙවතු වගාව ආරම්භ කිරීම සඳහා ඊයේ බීජ බෙදා දෙනු ලැබීය. ඒ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්. දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාමසේවා වසමකම ගෙවතු වගා 20 බැගින් ඇරඹීමට නියමිතයි.

    Latest News