අකුණු අනතුරු පිළිබඳ නිවේදනයක්

අප්‍රේ 12, 2020

    ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

    ඒ අනුව බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.

    එමෙන්ම ගිඟුරුම් සහිත වැසි සමඟ පැයට කි‍ලෝමීටර 70-80 ක පමණ තද සුළං ද ඇති විය හැකි බවයි සඳහන් වන්නේ.

    ඒ සඳහා ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Latest News