කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මුහුදු ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව සුළගේ වේගය ඉහළ යාම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ධීවර සහ නාවික ප්‍රජාවට එමගින් දැනුම් දී ඇත්තේ, අදාළ කාලගුණික තත්වය පිළිබඳව විශේෂ අවධානයකින් ක්‍රියා කරන ලෙසයි.
කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය හා මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය, වරින් වර පැයට කිලෝ මීටර 50 ත් 60 ත් පමණ දක්වා ඉහළ යා හැකි බව, එම නිවේදනයේ සඳහන්.
මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.
කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ හෙට සිට නැගෙනහිර, උතුරු, උතුරුමැද සහ මධ්‍යම යන පළාත්වල වැසි තත්වයේ තාවකාලික වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බවයි.
ඌව පළාතේ සහ මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැකියි.
නැගෙනහිර, උතුරු සහ උතුරුමැද යන පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරෙනවා.
සබරගමුව හා බස්නාහිර යන පළාත්වල ද ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හටගත හැකි බව, කාලගුණ නිවේදනයේ සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග හටගත හැකි තාවකාලික තද සුළං හා අකුණු මගින් වියහැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
කන්කසන්තුරය සිට ත්‍රීකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වරින් වර පැයට කිලෝ මීටර 50 ක් පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතිනවා.