සහල් සඳහා උපරිම සිල්ලර මිලක්

අප්‍රේ 11, 2020

    සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරිමට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ(10) ප්‍රකාශයට පත් කර තිබේ.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා විසින් ඊයේ සිට බලැපැත්වෙන පරිදි අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    ඒ අනුව කීරි සම්බා කිලෝග්‍රැම් 01ක උපරිම සිල්ලර මිල රු.125ක් වන අතර තම්බන ලද සුදු හා රතු සම්බා කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රු. 90ක් වෙයි. සුදු හා රතු කැකුළු සම්බා කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල මෙන්ම තම්බන ලද සුදු හා රතු නාඩු කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල ද රු. 90ක් වන බව අදාල ගැසට් නිවේදනයේ දැක්වෙයි. එමෙන්ම සුදු හා රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සදහා රු. 85ක උපරිම සිල්ලර මිලක් ද නියම කර තිබේ.

    පාරිභෝගික කටයුතු පිළීබඳ අධීකාරිය විසින් සහල් වර්ග සදහා නියම කර ඇති මෙම උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට ඒවා වෙළඳාම් කිරිම, වෙළඳාම් කිරිම සදහා ඉදිරිපත් කිරිම හා වෙළඳාම සදහා ප්‍රදර්ශනය කිරිම නොකළ යුතු බව ද ගැසට් නිවේදනයේ සදහන්වේ.

    Latest News