බලංගොඩ වෙළඳසැලක ගින්නකින් පියා සහ දියණිය මරුට

අප්‍රේ 11, 2020

    බලංගොඩ පොලිස් වසමේ ගල්ගොඩ හංදිය රුක්අත්තන මාර්ගයේ වෙළඳසැලක ඇති වූ හදිසි ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තාවේ.

    එම වෙළඳසැළ තුළ කොටසක පදිංචිව සිටි එකම පවුලේ පිය සහ දියණිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.

    ගින්න අද(11) අළුයම 03.00ත් 03.30ත් අතර සිදුව ඇති අතර ගින්නෙන් මව සහ පුතා දිවි බේරාගෙන ඇති අතර ඔවුන් බලංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි. ගින්න හටගත් කොටසේ එකම පවුලේ මව, පියා, දියණිය හා පුතා පදිංචිව සිට ඇත.

    අදාළ වෙළෙඳසැල ගිනිගන්නා අවස්ථාවේ දී පොලිසිය, ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

    මෙලෙස මිය ගොස් ඇත්තේ 50හැවිරිදි අයෙක් සහ 19 හැවිරිදි ඔහුගේ දියණියයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බලංගොඩ පොලිසිය විමර්ශන සිදු කරයි.

    Latest News