ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම, කළු තේ වල ගුණ පිළිබඳව වැඩි අවධානයක්‍ (වීඩියෝ)

අප්‍රේ 06, 2020
  • පෙරදිග කලාපයේ ජනප්‍රියතම පානයක් වන කළු තේ වල ගුණාත්මක භාවය පිළිබඳ වැඩි අවධානයක් යොමු තිබේ.

    මේ බව ප්‍රකාශ කෙරුණේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දීය. කළු තේ වල ඇති ගුණාත්මක භාවය පිළිබඳ පැහැදිලි කළ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, මේ වන විට ලෝකයේම අවධානය මෙම කළු තේ වෙත යොමුව ඇති බව සඳහන් කළේය.

    රෝගවලට ඔරෝත්තු දෙන ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට මෙම තේ වල ඇති හැකියාව පිළිබඳ මේ සාකච්ඡාවේදී අදහස් පළ විය.

    මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන ආර්ථික බෝග වන තේ, පොල්, රබර් හා සම්බන්ධ කර්මාන්ත අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය පියවර ගෙන තිබේ. අමාත්‍යවරයා මේ පිළිබඳව ද අදහස් පළ කළේය.

    Latest News