රිකිල්ලගස්කඩ දිසා මූලික රෝහල, හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය හා එක්ව සායනික රෝගීන්ගේ මාසික බෙහෙත් වට්ටෝරුව නිවසටම ගොස් ලබාදීමේ වැඩසටහනක් ඊයේ ආරම්භ කෙරිණ. ඒවා ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් අදාළ ගම්මානවල රෝගීන් වෙත බෙද හැරීමට පියවර ගෙන තිබේ.
මේ අතර වව්නියාව දිස්ත්‍රික්කයේ ද තැපැල් දෙපාර්තමේන්තුව අත්‍යවශ්‍ය ඖෂධ නිවෙස්වලට ගොස් ලබාදීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාවට නැංවේ.