අමෙරිකානු සංවිධානයකින් මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානයක්

අගෝ 18, 2022

    ‍‍ශ්‍රී ලංකාවට පසුගියදා අමෙරිකානු ඩොලර් හය ලක්ෂ 25,000 ක අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානයක් හිමි වුණා.

    එම ඖෂධ ‍තොගය මෙරටට පරිත්‍යාග කරන ලද්දේ "ශ්‍රී ලංකා ඇසෝෂියේෂන් ඔෆ් ඔරිගානෝ" නැමති අමෙරිකා එක්සත් ජනපද සංවිධානය විසින්.

    කොවිඩ් රෝග මර්දන ඖෂධ, ආතරයිටිස් සඳහා භාවිත කෙරෙන ඖෂධ හා ප්‍රතිජීවක ඖෂධ තොගයක් මීට අයත්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ  ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ඉල්ලීමකට අනුව, "ශ්‍රී ලංකා ඇසෝෂියේෂන් ඔෆ් ඔරිගානෝ" සංවිධානය ඖෂධ තොගය මෙරටට පරිත්‍යාග කර තිබෙනවා.

    එම ඖෂධ සියල්ල අමෙරිකාවේ නිෂ්පාධිත ඒවා වන අතර, ඉදිරි මාස 2 ක තුළ තවත් ඖෂධ විශාග තොගයක් එම සංවිධානය මගින් මෙරට ලබා දීමට  ක්‍රියා කරන බව, එහි සම්බන්ධිකාරක සංජීව දිසානායක මහතා පවසනවා.

    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සහ "ශ්‍රී ලංකා ඇසෝෂියේෂන් ඔෆ් ඔරිගානෝ" සංවිධානයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.         

    Latest News