කොළඹ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළට

නොවැ 13, 2019

    කොළඹ නගරයේ වායුගෝලයේ දූවිල අංශු ප්‍රමාණය අද යළිත් ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය පවසයි.

    එහි විද්‍යාඥ සරත් ප්‍රේමසිර මහතා සඳහන් කළේ, කොළඹ වායුගෝලයේ ගුණාත්මක දර්ශකයේ අගය ඒකක 100ක වැඩි අගයක පවතින බවයි. ඒ පිළිබඳ ශ්වසන රෝගීන් හා කුඩු දරුවන් විමසිලිමත් විය යුතු බව ද ඔහු ප්‍රකාශ කරයි. ඉන්දියාවේ නවදිල්ලි නුවර වායු දූෂණයේ ප්‍රතිඵලයක් ලෙස කොළඹ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය එලෙස ඉහළ ගොස් තිබේ. පවතින සුළං ප්‍රවාහය ද ඊට හේතුවයි.

    Last modified on බදාදා, 13 නොවැම්බර් 2019 13:05

    Latest News