දිල්ලි වායු දූෂණය 400 ගුණයකින් ඉහළට

නොවැ 04, 2019

    ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දුෂණය සාමාන්‍ය මට්ටමට වඩා 400 ගුණයකින් ඉහළ ගොස් තිබේ.

    පසුගිය වසරවලට සාපේක්ෂව නවදිල්ලි අගනුවර වායු දූෂණය මෙවර වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි, වාර්තා වන්නේ. මීදුවක් වැනි විෂ දුම් වලා පටලයකින් නවදිල්ලිය වැසී ගොස් ඇති අතර, මිලියන 20කට අධික ජනතාවක් මේ හේතුවෙන් බලපෑමට ලක්ව තිබේ. අතිශය කාර්ය බහුල හා බහු කාර්ය නගරයක් වන නවදිල්ලි අගනුවර වායු දුෂණය හේතුවෙන් ප්‍රදේශයේ කටයුතු මුළුමනින්ම අඩාල වී ඇති බවයි, වාර්තා වන්නේ. ඉන්දීය බලධාරීන් නවදිල්ලි නුවර වායු දූෂණය මැන බලා ඇති අතර, අදාළ ගණනය කිරීමවලට අනූව එය මෙතෙක් වාර්තා වූ ඉහළම අගයට පත්ව තිබේ.

    නවදිල්ලි අගනුවර වායු දූෂණය වායු ගුණාත්මක දර්ශකයේ 900 අගය ඉක්මවා ඇති අතර, සාමාන්‍යයෙන් එහි අගය 400 වන විට ස්වසන ආබාධ හා හෘදයාබාධ ඇතිවන බවටයි, ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්ණය කර ඇත්තේ. කෙසේ වෙතත් ලොව පරිසර දූෂණය වැඩිම නගර 15න් 14ක්ම තිබෙන්නේ ඉන්දියාවේ යැයි වාර්තාවක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය වසරේ සඳහන් කළේය. ඊට අමතරව අමෙරිකාව කරන ලද අධ්‍යයනයට අනූව සෑම වසරකදීම මිලියනයකට ආසන්න පිරිසක් වායු දූෂණ නිසා අකල් මරණවලට මුහුණ දෙන බව ද අනාවරණය වී තිබේ.

    Last modified on සදුදා, 04 නොවැම්බර් 2019 07:41

    Latest News