මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 162ක්

අප්‍රේ 04, 2020

    තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 162 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

     අවසන් වරට හඳුනා ගත් රෝගීන් 11 දෙනාගෙන් තිදෙනෙක් යාපනය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියදී හඳුනා ගැනිණ.

    එසේම අමෙරිකාවේ සහ දකුණු කොරියාවේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි තවත් දෙදෙනෙකු ද ඒ අතර වෙයි.තවත් දෙදෙනෙකු පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද හලාවත ප්‍රදේශයෙන් ද හඳුනා ගැනිණ.

    බේරුවල වසා දමා ඇති ප්‍රදේශයේ ඊයේ දරුවෙකු ප්‍රසූත කළ කාන්තාව සහ අකුරණ ප්‍රදේශයෙන් හඳුනාගත් රෝගියා ළඟින් ඇසුරු කළ දෙදෙනෙකු ද මෙම එකොළොස් දෙනා අතර වෙයි.

    විදේශිකයන් සමඟ සමීපව ක්‍රියා කළ අයෙකු ද ඒ අතර සිටියි.

    Last modified on සෙනසුරාදා, 04 අප්‍රේල් 2020 17:20

    Latest News