වගා සංග්‍රාමයට දිරිගැන්වූ අගමැති

අප්‍රේ 04, 2020

    'සෞභාග්‍ය ගෙවත්ත' දස ලක්ෂයක් ගෙවතු වගා කිරීමේ වැඩසටහන ද මේ වන විට ආරම්භ කර තිබේ.

    ඒ යටතේ නාගරික, අර්ධ නාගරික ඇතුළු සෑම පවුලක්ම ආවරණය වන පරිදි ගෙවතු වගා ආරම්භ කිරීමටයි, රජය පියවර ගෙන ඇත්තේ.

    එම විශේෂ වගා වැඩසටහනට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ද අද එක්විය. අනාගත පරම්පරාවන් වෙනුවෙන් වඩාත් තිරසර ජීවන රටාවක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති මොහොතක, ඒ සඳහා සෑම පුද්ගලයෙකුටම වෙන් වූ කාර්ය බාරයක් පවතියි. එය ඉටු කිරීමට සියලුදෙනා දිරිගැන්වීමේ අරමුණෙන් අග්‍රාමාත්‍යවරයා ලෙස තමා ද මෙම වැඩසටහනට එක් වූ බවයි, මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ.

    Latest News