කොරෝනා රෝගීන් 24ක් සුවය ලබා පිටව යයි

අප්‍රේ 04, 2020

    දිවයිනේ කෙරෝනා වෛරසය ආසාදිත රෝගීන්ගෙන් මේ වන විට 24 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

    ඊයේ රාත්‍රී තවත් එක් රෝගියෙකු මිය ගිය අතර, ඔහුගේ අවමංගල්‍ය අද සිදු කිරීමට නියමිතයි. ඊයේ රාත්‍රී වාර්තා වූ මරණයත් සමග කොරෝනා වෛරසයට ගොදුරුව මියගිය සංඛ්‍යාව 5ක් බවට පත් විය.

    මේ දක්වා වෛරසය ආසාදිත වූ පිරිස 159ක් වන අතර, පූර්ණ සුවය ලබා පිටව ගිය පිරිසට අමතරව රෝහල් තුළ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 130 දෙනෙක්. කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක පිට තවත් 250 දෙනෙකු සම්බන්ධයෙන් සෞඛ්‍ය පරීක්ෂණ ක්‍රියාත්මකයි.

     

     

    Last modified on සෙනසුරාදා, 04 අප්‍රේල් 2020 12:52

    Latest News